ෆුකුෂිමා ඩයිචි සහ ෆුකුෂිමා ඩයිනි න්‍යෂ්ටික බලාගාරවල සේවකයන් ඉවත් කිරීමට ටෝකියෝ බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ කම්හල්වල කිසිඳු අසාමාන්‍යතාවයක් වාර්තා වී නොමැති නමුත් සුනාමි අනතුරු ඇඟවීම් නිරීක්ෂණය කරමින් මෙම පියවර ගෙන ඇති බවයි.
2011 වසරේදී ජපානයේ ඇති වූ රික්ටර් මාපකයේ 9.0ක විනාශකාරී භූ කම්පනයකින් සහ සුනාමියෙන් පසු ෆුකුෂිමා ඩයිචි බලාගාරය ප්‍රධාන න්‍යෂ්ටික ව්‍යසනයකට ලක්වූ ස්ථානයක් ලෙස සැලකෙනවා.
(colombotimes.lk)