31 July 2025

logo

තවත් රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම්



රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ රික්ටර් මාපක 8.7ක භූ කම්පනය හේතුවෙන් රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව රුසියාව, ජපානය, හවායි දූපත්, ඇමරිකානු සැමෝවා, කැලිෆෝනියා, පිලිපීනය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් ඇතුළු නගර කිහිපයක් සඳහා මේ වන විට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම ඇතැම් ප්‍රදේශවලට මේ වන විට පළමු සුනාමි රළ කඩා වැදී ඇති අතර ජපානයේ Hokkaidoහී උතුරු කොටසට සුනාමි රළ පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ මීට අමතරව ඇතැම් ප්‍රදේශවල ජනතාවට ඉවත්වීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවත් ඇමරිකා එක්සත් ජනපදයේ Honolulu ප්‍රදේශයේ සුනාමි සයිරන් හඬ නාදවී ඇති බවයි. 

(colombotimes.lk)