කාම්බෝජය සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවට තායිලන්ත හමුදාව චෝදනා කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ නමුත් කාම්බෝජය එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.
තායි හමුදා 'සුදුසු ලෙස' සහ 'ආත්මාරක්ෂාව' සඳහා ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බව තායිලන්ත හමුදා ප්‍රකාශක වින්තායි සුවරී අද (29) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
ඔහු කියා සිටියේ 'සටන් විරාමය ක්‍රියාත්මක වන අවස්ථාවේදී, කාම්බෝජ හමුදා, තායි භූමිය තුළ ප්‍රදේශ කිහිපයකට සන්නද්ධ ප්‍රහාර දියත් කර ඇති බවට අනාවරණය කර ගත් බවයි.
(colombotimes.lk)