චීනයේ බීජිං නුවරට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 34දෙනෙක් මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගෙවුණු දින කිහිපය පුරා උතුරු චීනයේ හෙබෙයි, ජීලින් සහ ෂැන්ඩොන් යන ප්‍රාන්තවලට බලපෑ සුළි කුණාටු තත්ත්වයන් ඇතුළු අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බවයි.
කෙසේ වෙතත් මෙම කාලගුණික ආපදා හේතුවෙන් බීජිං අගනුවර පමණක් 80,000 ඉක්මවූ පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
(colombotimes.lk)