31 July 2025

logo

රුසියාවට සුනාමි රළ කඩා වදියි - ජපානයටත් අනතුරු ඇඟවීමක්



රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇති වූ භූ කම්පනය හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපයට අඩි 13ක් උසට සුනාමි රළ පැමිණ තිබෙනවා. 

එමෙන්ම ජපානයේ Hokkaidoහී උතුරු කොටසට ද සුනාමි රළ පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ. 
 
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ 8.7ක ප්‍රබල භූකම්පන තත්ත්වයක් අද (30) උදෑසන හට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

භූ කම්පනයත් සමඟ හවායි දූපත් සහ ඇලස්කාවේ ඇලූටියන් දූපත්වල කොටස්වලට සහ ජපානයේ වෙරළබඩ ප්‍රදේශ සඳහා ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)