22 January 2025


දින 10ක් තුළ වරෙන්තුකරුවන් 2,561ක් පොලිස් දැලේ



සමස්ත දිවයිනම ආවරණය කරමින් ජනවාරි 12වනදා සිට මේ දක්වා ක්‍රියාත්මක කළ පොලිස් වැටලීම්වලින් අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර සැඟව සිටි වරෙන්තුකරුවන් 2,561දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ප්‍රකාශ කළා.

ඒ අද ( 22) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ අපරාධ වැළැක්වීමේ මෙහෙයුම යටතේ ජනවාරි 12 සිට ගතවූ දින 10 තුළ පුද්ගලයන් පරීක්ෂා කිරීම් 172,877 ක් සිදු කළ බවයි.

එමෙන්ම අපරාධවලට ඍජුවම සම්බන්ධ පුද්ගලයන් 167දෙනෙක් අත්අඩංගුවට ගත් බවද ඔහු සඳහන් කළා. 

(colombotimes.lk)