අම්පාර, කාර්තිව්හිදී ට්රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව නින්දවූර් මද්රසා පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරයෙක් සහ ට්රැක්ටර් රථයේ සහයකයන් ලෙස කටයුතු කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ පසුගිය 26 වනදා පාසල් නිමවී අදාළ සිසුන්ට නිවෙස් කරායාමට බස් රථයක් නොතිබීම හේතුවෙන් එම ට්රැක්ටර් රථයෙන් යන ලෙසට උපදෙස් ලබාදී මුදල් දී ඇත්තේ විදුහල්පතිවරයා බවට කරුණු හෙළි වී ඇති බවයි.
කෙසේ වෙතත් ඒ වන විට පැවැති ගංවතුර තත්ත්වය හේතුවෙන් බස් රථය ධාවනය කිරීම නතර කර තිබෙනවා.
මාර්ගය අවදානම් බැවින් ට්රැක්ටර් රථයෙන් දරුවන් ප්රවාහනය නොකරන ලෙස හමුදාව එහිදී උපදෙස් ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.
පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නින්දවූර් මද්රසා පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරයෙක් සහ ට්රැක්ටර් රථයේ සහයකයන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සමන්තුරෙයි මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
(colombotimes.lk)