22 April 2025


ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් සිව් දෙනෙක් අධිකරණයට මුදා හරියි



ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාස රැඳවුම් භාරයේ සිටි සැකකරුවන් සිව් දෙනෙක් මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (07) නියෝග කළා.

ඒ විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීමකට අනුවයි.

ආරක්ෂක ලේකම්වරයා වෙත පැවරී ඇති බලතලවලට අනුව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම සැකකරුවන් සිව්දෙනාව දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කළ බව විමර්ශන නිලධාරීන් පෙන්වාදී තිබෙනවා.

නමුත් ඔවුන් සිද්ධියට සම්බන්ධ නොමැති බවට කරුණු අනාවරණය වූ බැවින් මුදාහැරීමේ නියෝගයක් ලබාදෙන ලෙස විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා තිබූ බවයි වාර්තා වන්නේ.  

ඒ අනුව ඇන්ටන් සුදර්ශන, හර්මන් ගීතන් මෝසස්, අර්නස් රාජ් සහ තෝමස් ගොඩ් කොන්ට් යන සැකකරුවන්ව මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

(colombotimes.lk)