01 January 2025


ලබන වසරේ සිට පාසල්වල ගැහැණු ළමයින්ට නොමිලේ හිමිවන දෙයක් ගැන අධ්‍යාපන ඇමති කියයි



ලබන වසරේ සිට පාසල්වල ගැහැණු ළමයින් සඳහා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. 

මෙම වැඩසටහන ආයතනික සමාජ වගකීම් (CSR) ව්‍යාපෘතියක් වනු ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
 
එහි නියමු ව්‍යාපෘතියක් ලෙස ගැහැණු ළමයින් ලක්ෂ තුනකට සනීපාරක්ෂක තුවා ලබා දෙන බවත් පසුව ගැහැණු ළමයින් ලක්ෂ 10කට පමණ  සනීපාරක්ෂක තුවා ලබාදීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
(colombotimes.lk)