10 May 2025


නිදහස් පක්ෂ ලේකම්වරයා පත් කිරීම අර්බුදයක?



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා පත් කිරීම සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය ගැන නීතිපති උපදෙස් ඉල්ලා තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා පැවසුවේ නිදහස් පක්ෂයේ පාර්ශව 03කින් ලේකම්වරුන් ඉදිරිපත් වී තිබෙන බවයි.

මීට අමතරව පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් දැනට අධිකරණය හමුවේ නඩු කිහිපයක් විභාග වෙමින් පවතින අතර එම තත්ත්වය තුළ පක්ෂයේ ලේකම්වරයා පත් කිරීම සිය කොමිසමට ගැටලුවක් වී තිබෙන බව සභාපතිවරයා සඳහන් කළා.  

(colombotimes.lk)