ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින දූෂිතයන් සහ වංචනිකයන් පන්නා දමා පක්ෂය පිරිසිදු කරන බව එම පක්ෂයේ සභාපති අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.
පක්ෂ නායකත්වය තමන් භාර ගැනීමෙන් පසු බොහෝ දෙනෙක් කලබල වී සිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
එමෙන්ම මැතිවරණවලදී පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)