ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාව විසින් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව රුපියල් 299.00ක් ලෙස පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 06කින් පහත දැමීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එහි නව මිල රුපියල් 293.00ක්.
එමෙන්ම රුපියල් 361.00ක් ලෙස පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 341.00ක් දක්වා රුපියල් 20කින් පහත දමා තිබෙනවා.
(colombotimes.lk)