18 April 2025


රන් මිලෙහි නොසිතූ වෙනසක්



පසුගිය දිනයට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (10) සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව රන් අවුන්සයක මිල රුපියල් 939,057ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එය ඊයේ (08) සටහන් වුණේ රුපියල් 899,105ක් ලෙසයි.

එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 243,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 28,990ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 33,130ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)