යල කන්නයේ පොහොර සහනාධාර අද (22) සහ හෙට මුදා හරින බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසනවා.
ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ සඳහන් කළේ දිස්ත්‍රික්ක 09ක් සඳහා එම මුදල් මුදා හරින බවයි.
කුඹුරු අක්කර 1ක් සඳහා රුපියල් 25,000 බැගින් අක්කර 2කට යටත්ව පොහොර සහනාධාරය ලබාදීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද සහ හෙට රුපියල් මිලියන 157ක මුදලක් මුදා හරින බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)