පුරවැසියාට අයිතියක් වන ලෙසත් රාජ්ය නිලධාරියාට වගකීමක් වන ලෙසත් රාජ්ය සේවය ශක්තිමත් කිරීමට රජය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රකාශ කළා.
ඒ අනුරාධපුර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ අද (26) පැවැති අනුරාධපුර දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සාකච්ඡාවේදීයි.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ පවතින රාජ්ය සේවය පිළිබඳ පුරවැසියාගේ තෘප්තිමත්භාවයක් නොමැති බවයි.
රජයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීම තුළින් පුරවැසියන්ට කාර්යයක්ෂම සේවයක් ලබාදීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
එමෙන්ම රාජ්ය සේවකයන් සඳහා සාධාරණ මූලික වැටුප් වැඩිවීමක් සහ විශ්රාමිකයන්ගේ වැටුප් විෂමතා වසර 3ක් ඇතුළත අවසන් කිරීමට අදාළ යෝජනා මෙවර අය වැයට ඉදිරිපත් කරන බව ඔහු කියා සිටියා.
(colombotimes.lk)