05 May 2025


අප්‍රේල් මාසය ගැන සුබ ආරංචියක්



2025 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව සංචාරකයන් 174,608ක් පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ එය 2024 අප්‍රේල් මාසයට සාපේක්ෂව 17.3%ක වැඩිවීමක් බවයි.

පසුගිය අප්‍රේල් මාසයේදී වැඩිම සංචාරකයන් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ තිබෙනවා.

එම සංඛ්‍යාව 38,744ක්.

මේ අතර 2025 වසරේ පළමු මාස ​​හතර තුළ සංචාරකයන් 896,884ක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)