සියලුම රජයේ ගෙවීම් ඩිජිටල්කරණය ආරම්භ කරමින් GovPay සේවාව මීට සුළු මොහොතකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් දියත් කර තිබෙනවා.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මුදල් නෝට්ටු මත පදනම් වූ ගෙවීම් වංචා සහ දූෂණ වැඩිවීමට මෙන්ම මුදල් ගෙවීමේ ක්‍රියාවලිය අකාර්යක්ෂම වීමට හේතු වී ඇති බවයි.
එමනිසා ඒ වෙනුවට ඩිජිටල් ගෙවීම් භාවිතා කිරීම මඟින් මහජනතාවට වඩා පහසු සහ විශ්වසනීය සේවාවක් සැලසීමට හැකිවන බව ජනාධිපතිවරයා කියා සිටියා.
GovPay සේවාව අද (07) සිට අන්තර්ජාල සහ ජංගම දුරකථන බැංකු සේවා හරහා මෙන්ම, හෙළPay සහ iPay වැනි ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය සහිත Payment Apps හරහාද මහජනතාවට විවෘත වනවා.
මෙමඟින් මේ වන විට රාජ්‍ය ආයතන 16කට ගෙවීම් සිදු කළ හැකි අතර අප්‍රේල් මාසය වන විට ආයතන 30ක් ඊට එක්වීමට නියමිතයි.
ඩිජිටල්කරණය යනු රට අලුත් තලයකට ඔසවා තබන වැදගත් පියවරක් බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළා.
(colombotimes.lk)