23 January 2025


පොල් වගාවන්ට සුදු මැස්සාගෙන් දැඩි හානි



මෙරට පොල් වගාවන් ආශ්‍රිතව සුදු මැස්සන් රෝගය නැවතත් ව්‍යාප්ත වන බව පොල් වගාකරුවන් පවසනවා.

ඔවුන් කියා සිටියේ තමන් අතින් සුදු මැස්සන්ගේ පාලනය මේ වන විට ගිලිහී ගොස් ඇති බවයි.

මෙම මැස්සන් පොල් ගසේ සාරය උරාබීම හේතුවෙන් පොල් ගස් සම්පූර්ණයෙන්ම කඩා වැටෙන බව ඔවුන් ප්‍රකාශ කළා.

පොල් වගාකරුවන් වැඩිදුරටත් කියා සිටියේ මේ සඳහා ඉක්මන් පියවර නොගතහොත් ලංකාව තුළ පොල් හිඟය තවත් උග්‍ර විය හැකි බවයි.

(colombotimes.lk)