දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට දොඩම්ගොඩ දෙසට ධාවනය වූ පරිප්පු ලොරියක් අනතුරට පත්වී තිබෙනවා.
ඒ කිලෝමීටර් 17 කණුව ආසන්නයේදීයි.
ලොරියේ පසුපස රෝදය ගැලවී යෑමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරුව ලොරිය පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.
අධිවේගී පොලීසිය පැමිණ මේ වන විට රථවාහන තදබදය අවම කිරීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.