18 December 2024


හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාවට ගිය වියදම් මෙන්න



හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් සිදු කළ සමාලෝචනයකින් අනතුරුව බදු ගෙවන්නන්ගේ මුදල් රුපියල් මිලියන 1,200ක් ඉතිරි කිරීමට රජය අපේක්ෂා කර තිබෙනවා.

මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ ඒ සඳහා විරෝධය පළ කරන පුද්ගලයන්  මූලික වශයෙන් උනන්දු වන්නේ මහජන මුදල් පුද්ගලික වාසි සඳහා භාවිතා කිරීම සඳහා බවයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රුපියල් මිලියන 1,448ක් වැයකර ඇති බවද අමාත්‍යවරයා අද (17) පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

එහිදී 2024 වසරේ ගත වූ මාස 11ක කාලය තුළ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් දරන ලද වියදම්ද අමාත්‍යවරයා හෙළි කළා.

මහින්ද රාජපක්ෂ

ත්‍රිවිධ හමුදාව - රු. මිලියන 328කි
පොලීසිය - රු. මිලියන 327කි
ජනාධිපති ලේකම් කාර්යාලය - රු. මිලියන 55කි
එකතුව - රු. මිලියන 710කි

මෛත්‍රීපාල සිරිසේන

ත්‍රිවිධ හමුදාව - රු. මිලියන 6කි
පොලීසිය - රු. මිලියන 185කි
ජනාධිපති ලේකම් කාර්යාලය - රු. මිලියන 16කි
එකතුව - රු. මිලියන 207කි

ගෝඨාභය රාජපක්ෂ

ත්‍රිවිධ හමුදාව - රු. මිලියන 258කි
පොලීසිය - රු. මිලියන 39කි
ජනාධිපති ලේකම් කාර්යාලය - රු. මිලියන 10කි
එකතුව - රු. මිලියන 307කි

රනිල් වික්‍රමසිංහ (මාස 3කට)

ත්‍රිවිධ හමුදාව - රු. මිලියන 19කි
පොලීසිය - රු. මිලියන 60කි
ජනාධිපති ලේකම් කාර්යාලය - රු. මිලියන 3කි
එකතුව - රු. මිලියන 82කි

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

ත්‍රිවිධ හමුදාව - වියදම් නැත
පොලීසිය - රු. මිලියන 99කි
ජනාධිපති ලේකම් කාර්යාලය - රු. මිලියන 12කි
එකතුව - රු. මිලියන 110කි

හේමා ප්‍රේමදාස (අභාවප්‍රාප්ත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ)

ත්‍රිවිධ හමුදාව - වියදම් නැත
පොලීසිය - රු. මිලියන 30කි
ජනාධිපති ලේකම් කාර්යාලය - රු. මිලියන 3කි
එකතුව - රු. මිලියන 32කි

(colombotimes.lk)