මෙරට වාණිජ වටිනාකමින් වැඩි ඉඩම් සහ ගොඩනැගිලිවලින් විශාල ප්‍රමාණයක අයිතිය මෙරට පළාත් පාලන ආයතන සතුව පවතින බවට අනාවරණය වී තිබෙනවා.
පළාත් පාලන ආයතනවල මූල්‍ය ප්‍රකාශන අනුව මෙරට මහ නගර සභා සතු වාණිජ වටිනාකමින් යුත් ඉඩම් හා ගොඩනැගිලිවල වටිනාකම රුපියල් මිලියන 93,745ක්.
එමෙන්ම නගර සභාව සතුව පවතින ඉඩම් හා ගොඩනැගිලිවල වටිනාකම රුපියල් මිලියන 43,292ක් බවයි වාර්තා වන්නේ.
මේ අතර ප්‍රාදේශීය සභා සතු ඉඩම් හා ගොඩනැගිලිවල වටිනාකම රුපියල් මිලියන 123,752ක් ලෙස සඳහන් වී තිබෙනවා.