අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක විභාගය අවසන් කළ අභියාචනාධිකරණය ඇයව එම චෝදනාවලින් නිදහස් කිරීමට අද (04) නියෝග කළා.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් සම්බන්ධයෙන් තමන් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පළ කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවත් මින් ඉදිරියට එවැනි ප්‍රකාශ සිදු නොකරන බවටත් ඇය සිය නීතිඥවරයා මාර්ගයෙන් දැනුම් දීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන පුද්ගලයන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබෙනවා.
(colombotimes.lk)