ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද (21) පෙරවරුවේ ස්වර්ගස්ථ වී ඇති බව වතිකානුව වාර්තා කළා.
උන්වහන්සේ ස්වර්ගස්ථ වන විට 88 වන වියේ පසු වුණා.
වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදී ස්වර්ගස්ථ වී තිබෙන බවයි වාර්තා වන්නේ.
ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියා.
එමෙන්ම ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණා.
(colombotimes.lk)