19 April 2025


ඉතිහාසගත ඩොලර් ප්‍රමාණයක් ලංකාවට



ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ දක්වා විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලද 02වන විශාලතම ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය මාර්තු මාසයේදී වාර්තා වී තිබෙනවා.

එම ප්‍රේෂණ ප්‍රමාණයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 693.3ක් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව 2025 වසරේ පළමු කාර්තුව තුළදී ශ්‍රී ලංකාවට ලැබී ඇති සමස්ත විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1,814.4ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය 2024 වසරේ පලමු කාර්තුවේදී විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ 1,536.1ක් ශ්‍රී ලංකාවට ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ දක්වා විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලද දෙවන විශාලතම ප්‍රේෂණ ප්‍රමාණය 2020 දෙසැම්බර් මාසයේදී ලැබී තිබෙනවා.

එම සංඛ්‍යාව ඩොලර් මිලියන 812.7ක්.

(colombotimes.lk)