01. විදුලි සේවකයන් අද සිට අකුරට වැඩ
අත්තනෝමතික ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට විරෝධය පළ කරමින් අද (04) මධ්‍යම රාත්‍රී සිට දිවයින පුරා අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිරත වන බව විදුලි සේවක වෘත්තීය සංගම් පවසනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ සඳහන් කළේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කරන බවයි.
සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් ඉදිරියේදී මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තිව්‍ර කරන බව ද කෝසල අබේසිංහ වැඩිදුරටත් සඳහන් කළා.
02. ශිෂ්‍යත්වයේ වැඩිම ලකුණු වාර්තා වූ දිස්ත්‍රික්කය ප්‍රකාශයට පත් කරයි
මෙවර 2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලට අනුව සිංහල මාධ්‍යයෙන් වැඩිම ලකුණු ලබාගත් දරුවෙක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.
එහිදී ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව දැක්වෙන්නේ 198ක් ලෙසයි.
මේ අතර දෙමළ මාධ්‍යයෙන් වැඩිම ලකුණු ලබාගත් දරුවෙක් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි සඳහන් කළේ එම ලකුණු සංඛ්‍යාව 194ක් ලෙසයි.
03. රත්නපුර ශික්ෂණ රෝහලේ වැඩ වර්ජනය ගැන තීරණයක්
රත්නපුර ශික්ෂණ රෝහලේ ක්‍රියාත්මක කර තිබූ ආරම්භ කළ වෛද්‍ය වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා එම ධුරයෙන් ඉවත් කර සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කරමින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් ලිපිය නිකුත් කිරීමෙන් අනතුරුවයි.
04. තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙක් වන තුසිත හල්ලොලුව යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ ලබන ලබන 18වනදා දක්වායි.
05. නයිජීරියාවේ පුද්ගලයන් 60ක් ජීවිතක්ෂයට
උතුරුදිග නයිජීරියාවේ ගංගාවක මගී ප්‍රවාහන යාත්‍රාවක් පෙරළී යාමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරින් පුද්ගලයන් 60දෙනෙක් මියගොස් ඇති බවයි.
ගංගාවේ ගිලී තිබූ ගසක කොටසක ගැටී අනතුර සිදු වී තිබෙනවා.
ඒ වන විටත් යාත්‍රාවේ ධාරිතාව ඉක්මවා 100කට වැඩි මගීන් පිරිසක් එහි යාත්‍රා කරමින් සිට තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අනතුරින් මියගිය පිරිස අතර ළමුන්ද සිටින බව එරට මාධ්‍ය වාර්තා කළා.
එහිදී ගංගාවේ ගිලෙමින් සිටි කිහිපදෙනෙක් බේරා ගැනීමට බලධාරීන්ට හැකිවී තිබෙන අතර අනතුරින් අතුරුදන් වූ පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ.
06. වසා දැමීමට සූදානම් වන ආයතන කිහිපයක් ගැන දැනුම්දීමක්
පළමු අදියර යටතේ ඈවර කිරීමට නියමිත ආයතන කිහිපයක නම්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් අද (04) ප්‍රකාශයට පත්කර තිබෙනවා.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින් එම අමාත්‍යංශ යටතේ ස්ථාපිත කරන විශේෂ ඈවර කිරීමේ ඒකකය අධීක්ෂණය යටතේ මෙම ආයතන ඈවර කිරීමට නියමිතයි.
අදාළ සම්පූර්ණ ආයතන 33ක ලැයිස්තුව ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් සඳහන් කළා.
එලෙස ඈවර කිරීමට නියමිත ආයතන කිහිපයක් පහතින්,
Asian Games (Pvt) Ltd
Thurusaviya Fund
Selin Diwa Investments (Pvt) Ltd
Lanka Logistics (Pvt) Ltd
Commonwealth Games Hambantota (Pvt) Ltd
Magampura Port Management Company
Mihin Lanka Limited
Media Training Institute
Expressway Transport Company (Pvt) Ltd
07. සේනානායක සමුද්‍රය සම්බන්ධයෙන් කැබිනට් තීරණයක්
සේනානායක සමුද්‍රයේ සොරොව් කුලුන, සොරොව් බැරලය සහ අවශේෂී කොටස් නැවත ඉදිකිරීම වෙනුවෙන් මෙවර යල කන්නයෙන් පසු ජලාශයේ මුළු ධාරිතාව 40%කට ආසන්න ප්‍රමාණයක පවත්වා ගනිමින් යෝජිත ඉදිකිරීම සිදු කිරීමේ ව්‍යාපෘතියට ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා සුදුසු කොන්ත්‍රාත්කරුවෙක් තෝරා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
(colombotimes.lk)