30 April 2025


කම්කරු දින සැමරීමට මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සූදානම්



ලෝක කම්කරු දිනයට සමගාමීව හෙට (01) දේශපාලන පක්ෂ රැසක් මැයි රැලි පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ජාතික ජන බලවේගයේ මැයි රැලිය පැවැත්වීමට සැලසුම් කර තිබෙන්නේ ගාලුමුවදොරදීයි.

එමෙන්ම සමගි ජන බලවේගය තලවකැලේදීත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදීත් මැයි රැලි පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය මැයි රැලිය පැවැත්වීමට සැලසුම් කර තිබෙන්නේ ඩාලි පාර පක්ෂ මූලස්ථානයේදීයි.

මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණයේදීත්, මහජන එක්සත් පෙරමුණ අතුරුගිරිය ජනෝදාන ශාලාවේදීත්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හයිඩ් පාක්හීදීත් මැයි රැලි පැවැත්වීමට නියමිතයි.
 
(colombotimes.lk)