රාජ්‍ය සේවකයන් ලෙස ලබාදුන් ප්‍රතිඥාව අනුව කටයුතු කරමින් 2025 වසර ජනතා බලාපොරොත්තු ඉටුකරන වසරක් බවට පත්කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.
ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව වසරේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
එහිදී රටක් ගොඩනැගීම රජයකට, පක්ෂයකට හෝ දේශපාලන අධිකාරියට පමණක් කළ හැකි දෙයක් නොවන බවත් ඒ වෙනුවෙන් පුරවැසියන් මෙන්ම රටේ සියළු අංශ එක්විය යුතු බවත් ඇය වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)