ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට මම ඉදිරිපත් වෙන්නේ නෑ - මෛත්‍රිපාල සිරිසේන



තමාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විසිකෙරූ බවත් මින් ඉදිරියට මෙරට කිසිදු මැතිවරණයක් සඳහා තමන් තරඟ කිරීමට ඉදිරිපත් නොවන බවත් මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

කෙසේ නමුත් තමන් පූර්ණකාලීනව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් වෙහෙසෙන බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.

එමෙන්ම ඉදිරියේදි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට තමා ඉදිරිපත් නොවන බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
(colombotimes.lk)