දහම්ට ඉඩදී මෛත්‍රී පැත්තකට වෙයි



ඉදිරියේදී පවත්වන ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට තමන් ඉදිරිපත් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඒ වෙනුවෙන් තම පුත්‍රයා වන දහම් සිරිසේන මීළඟ මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග කරන බව ඔහු ප්‍රකාශ කළා.

මෙය ක්‍රියාකාරී දේශපාලනයෙන් සමු ගැනීමක් නොවන බවත් නිදහස් පක්ෂයේ උන්නතිය වෙනුවෙන් තමා සහය වෙන බවත් හිටපු ජනාධිපතිවරයා කියා සිටියා.

(colombotimes.lk)