මැතිවරණ කොමිසම ගත් තීරණයට ජනපතිගේ සහය



2024 දී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම ගත් තීරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම සහය පළ කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් බවට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරයේ විශ්වාස කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
(colombotimes.lk)