පුද්ගලයන් සිය ගණනකට දිවි අහිමි කළ ඉන්දියාවේ ආගමික උත්සවය



ඉන්දියාවේ හින්දු ආගමික උත්සවයක් අතරතුර සිදු වූ තෙරපීමකින් පුද්ගලයින් 116 දෙනෙක් මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම 116 දෙනාගෙන් 106 දෙනෙකු කුඩා දරුවන් සහ කාන්තාවන් බවයි.

මෙය සිදු වී ඇත්තේ හත්‍රාස් දිස්ත්‍රික්කයේ, සිකන්ද්‍රා රවු ප්‍රදේශයේ රතී භාන්පූර් ගම්මානයේ විශේෂයෙන් සකස් කරන ලද කූඩාරමක ආගමික දේශකයෙකු තම අනුගාමිකයන් අමතමින් සිටියදී බවයි වාර්තා වන්නේ.  
(colombotimes.lk)