17 July 2025

logo

ICC පැන වූ ක්‍රිකට් තහනමේ ඉදිරි පියවර ගන්නේ මෙහෙමයි



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පනවා ඇති තාවකාලික තහනම සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමර්ග නොවැම්බර් 21 වැනි දා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ රැස්වීමේ දී තිරණය කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

 
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන රැස්වීම නොවැම්බර් 18 සිට 21 දක්වා අහමදාබාද්හිදී පැවැත්වීමට නියමිත අතර 21 වැනි දා එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ රැස්වීමට පැවැත්විමට නියමිතයි. 
 
ශ්‍රී ලාංකා ක්‍රිකට් හි ක්‍රියාකාරීවයට සහ එහි පාලනයට රජය මැදිහත් නොවන බව තහවුරු විය යුතු බවයි ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය පවසා ඇත්තේ. 
 
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී කරුණු සොයා බලන බව ද එම කවුන්සිලය සඳහන් කර තිබෙනවා.
(colombotimes.lk)