පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඊයේ (15) රාත්‍රියේ චීනය බලා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ චීනයේ පැවැත්වෙන පොලිස් සමුළුවකට සහභාගිවීම සඳහායි.
පොලිස්පති ධූරයේ වැඩ බැලීම සඳහා මධ්‍යම පළාත් සහ පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ප්‍රියන්ත වීරසූරිය චීනයේ පැවැත්වෙන සමුළුවේදී දේශනයක් පැවැත්වීමට නියමිත බවයි.
ඔහු අදාළ සංචාරය නිම කර එළඹෙන 20වනදා යළි දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)