ඇල්බේනියාවේදී ලෝකේ පළමුවරට AI අමාත්‍යවරියක් පත් කර තිබෙනවා.
විදෙස් වාර්තාවල සඳහන් වන්නේ මෙම අමාත්‍යවරිය භෞතිකමය වශයෙන් නොපෙනෙන බවයි.
මෙම අමාත්‍යවරිය සමඟ සියලුම ගනුදෙනු සිදු කරන්නේ AI හරහා බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළා.
ඇයගේ නම ඩියෙල්ලා.
ඇල්බේනියාවේ සංස්කෘතික ඇඳුමකින් සැරසී සිටින AI රූපයක් ඩියෙල්ලා වෙනුවෙන් නිර්මාණය කර තිබෙනවා.
ඇල්බේනියානු අගමැති එඩි රාමා සඳහන් කළේ දූෂණය මැඩපැවැත්වීමටත් ඔහුගේ නව කැබිනට් මණ්ඩලයේ විනිවිදභාවය සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා කෘතිම බුද්ධියෙන් ජනනය කරපු 'ඇමතිවරයෙක්' මේ විදිහට යොදා ගත් බවයි.
(colombotimes.lk)