15 September 2025

logo

අර්බුද රැසක් මැද ඇමරිකානු රාජ්‍ය ලේකම් ඊශ්‍රායලයට



ඊශ්‍රායලයේ සංචාරයක නිරත ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ජෙරුසෙලමේ ශුද්ධ වූ බටහිර ප්‍රාකාරය වෙත ගෞරව දක්වා තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු මෙලෙස එම කලාපයේ සංචාරය කරන්නේ ඊශ්‍රාලය කටාර් රාජ්‍යයේ රැඳී සිටී හමාස් දේශපාලන නායකයන් ඉල්කක කර එල්ල කළ ප්‍රහාරය සම්බන්ධව ඇමරිකාව ද සිය අසතුට පළකර තිබියදී බවයි. 

ඊශ්‍රායල ප්‍රහාරය සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා අරාබි - ඉස්ලාම් නායක සමුළුවක් හදිසියේ කටාර්හිදී පැවැත්වෙන පසුබිමක රූබියෝ මෙලෙස ඊශ්‍රායලය වෙත සංචාරය කිරීම විශේෂත්වයක්. 


(colombotimes.lk)