TikTok ඇමරිකානු මෙහෙයුම්වල හිමිකාරීත්වය සම්බන්ධයෙන් වොෂිංටනය චීනය සමඟ ගිවිසුමකට එළැඹී තිබෙනවා.
ඇමරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්වරයා සඳහන් කළේ අදාළ ගිවිසුම සඳහා වන මූලික රාමුව මේ වන විටත් සකස් කර ඇති බවයි.
ඒ අනුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර එළඹෙන සිකුරාදා පැවැත්වෙන හමුවේදී ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවය සිදු වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම TikTok චීන හිමිකාරීත්වය සම්බන්ධයෙන් පවතින අර්බුදකාරී තත්ත්වය විසඳීම සඳහා මෙම එකඟතාව ඇති කර ගැනීමට නියමිතයි.
(colombotimes.lk)