19 April 2025


මෙරට රග්බි ක්‍රීඩාව වැඩිදියුණු කරයි



ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල්-ධලයි සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතර හමුවක් අද (18) පවත්වා තිබෙනවා.

ඒ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේදීයි.

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව වැඩිදියුණු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

ඒ සඳහා ආසියානු රග්බි සම්මේලනයේ පූර්ණ සහයෝගය ලබාදීමට කයිස් එහිදී එකඟතාවය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
 
(colombotimes.lk)