ආබාධිත දීමනාව ලබා දෙන පිරිස 310,000ක් දක්වා වැඩි කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ ප්‍රකාශ කළා.
ඒ අද (08) පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරයෙක් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
අමාත්‍යවරයා සඳහන් කළේ ආබාධිත දීමනාව ලබාදීමට පුද්ගලයන් 410,000ක ප්‍රමාණයක් ගැසට් කර තිබුණද එම දීමනාව ලබාදෙන්නේ 138,000ක් පමණ පිරිසකට පමණක් බවයි.