යුද වාතාවරණයක් ඇතිවුවහොත් ට්‍රම්ප් පරිපාලනය සමඟ සමීපව කටයුතු කිරීමට ඉන්දියාව සහ පාකිස්ථානය ඇමරිකානු නියෝජිතයන් සමඟ ගිවිසුම් ගත වී තිබෙනවා.
ඒ ඉන්දියාව සහ පාකිස්ථානය පිළිවෙළින් මසකට ඩොලර් 150,000 සහ 200,000 බැගින් ගෙවීමේ පොරොන්දුව මතයි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිගුකාලීන උපදේශකයෙක් වන ජේසන් මිලර් සමඟ ඉන්දියාව ගිවිසුම් ගතවී ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාකිස්ථාන රජය ට්‍රම්ප් පරිපාලනට සම්බන්ධව සිටි කීත් ශිලර් හා ජෝර්ජ් ශෝරියල් යන දෙදෙනා තම රජය හා වොෂින්ටනය සමඟ එක්ව ගනුදෙනු කිරීම සඳහා මසකට ඩොලර් ලක්ෂ 2 බැගින් ගෙවීමේ පොරොන්දුවට ගිවිසුම් ගතවී ඇති බවයි.