09 May 2025


ඉන්දියාවේ මල්ලවපොර ක්‍රීඩකයින්ගෙන් තර්ජනයක්



ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ මල්ලවපොර ක්‍රීඩකයින් තම පදක්කම් ගංගා ගඟට විසි කරන බවට තර්ජනය කර තිබෙනවා.

ඒ, ලිංගික හිංසන චෝදනා සම්බන්ධයෙන් ඉන්දීය මල්ලවපොර සම්මේලනයේ (WFI) ප්‍රධානියා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින්.

මේ සම්බන්ධයෙන් ඔලිම්පික් පදක්කම්ලාභීන් වන සක්ෂි මලික් සහ බජ්රංග් පුනියා ඇතුළු මල්ලවපොර ක්‍රීඩකයින් මාසයක් පුරා විරෝධතා දියත් කර තිබුණා.

එම විරෝධතා තීව්‍ර කරමින් ඔවුන් මෙම තර්ජනාත්මක ප්‍රකාශය නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk)