මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයන් 33දෙනෙක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.
ඒ අද (26) අලුයම තලෙයිමන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි.
ඔවුන් පැමිණි යාත්‍රා 03ක්ද නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)