18 April 2025


සත්ත්ව පාලනය යටතේ ඇති කරන සතුන්ට රක්ෂණාවරණයක්



ගොවි ජනතාව වැඩි වැඩියෙන් සත්ත්ව පාලනයට යොමු කිරීමේ පරමාර්ථය මත ගවයන් සහ එළුවන් සඳහා වන රක්‍ෂණ ක්‍රියාවලිය තවදුරටත් සක්‍රීය කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව සත්ත්ව පාලනයේ යෙදෙන ගොවීන්ට රක්‍ෂණ ක්ෂේත්‍රයේ අය කරන අඩුම වාරික මුදල අය කිරීම මඟින් ගවයන් සහ එළුවන් සඳහා මෙම රක්‍ෂණ ආවරණ ලබාදීම සිදුවන බව වාර්තා වන්නේ.

එම සතුන් මියයාමකදී රක්ෂිත මුදල ගෙවීමට කටයුතු කරනු ලබනවා.

ගව රක්ෂණය සඳහා ගවයාගේ වෙළඳපොල වටිනාකමින් 3%ත් 4%ත් අතර රක්ෂණ වාරිකයක් සහ එළුවන් සඳහා උපරිමය 7%ක රක්ෂණ වාරිකයක් අය කරන බවයි වාර්තා වන්නේ.

 (colombotimes.lk)