colombotimes.lk
සිංහල | English

20 May 2024

නව බාස්මතී ප්‍රභේද දෙකක් හඳුන්වා දෙයි



බාස්මතී සහල් සඳහා ආදේශක වී ප්‍රභේද දෙකක් හඳුන්වා දීමට සිදු කළ පර්යේෂණයක් සාර්ථක වී තිබෙනවා.
 
ඒ අනුව මාස කිහිපයක් ඇතුළත බෝග නිදහස් කිරීමේ කමිටුවේ නිර්දේශ යටතේ මෙම බාස්මතී ආදේශක වී ප්‍රභේද දෙක මෙරට වගාව සඳහා හඳුන්වා දීමට නියමිතයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ, බාස්මතී සඳහා වැයවෙන විදේශ විනිමය මෙරටට ඉතිරි කර ගැනීමේ අරමුණින් බාස්මතී සහල් මෙරට දීම නිෂ්පාදනය කිරීමේ වැඩ පිළිවෙල ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව මේ වන විට At 306, At 309 නමින් බාස්මතී සහල් හා සමාන දිගටි වී ප්‍රභේද දෙකක් හඳුන්වා දී තිබෙනවා.
(colombotimes.lk)