colombotimes.lk
සිංහල | English

04 May 2024

ඉරානය සහ ශ්‍රී ලංකාව අවබෝධතා ගිවිසුම් පහකට අත්සන් තබයි



ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
 
එම සාකච්ඡාවෙන් අනතුරුව දෙරටෙහි නියෝජිතයින් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ද පැවති බවයි වාර්තා වන්නේ.

එම සාකච්ඡා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

එම සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් පහක් අත්සන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

එහිදී අත්සන් තැබූ ගිවිසුම් 5 පහතින්,

චිත්‍රපට කර්මාන්තයේ සහයෝගීතාවය සඳහා වූ අවබෝධතා ගිවිසුම

මාධ්‍ය සහ සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාවය සඳහා වූ අවබෝධතා ගිවිසුම

ඉරාන සමූපකාර මණ්ඩලය සහ ශ්‍රී ලංකා ජාතික සමූපකාර සභාව පිළිබඳ අවබෝධතා ගිවිසුම

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජාතික පුස්තකාලය සහ ලේඛනාගාරය සහ ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය අතර සහයෝගීතාවය සඳහා වූ අවබෝධතා ගිවිසුම

සංස්කෘතිය විද්‍යාත්මක තාක්ෂණික සහයෝගීතා ජනමාධ්‍ය තරුණ සහ ක්‍රීඩා වැඩසටහනට අදාළ අවබෝධතා ගිවිසුම
(colombotimes.lk)