colombotimes.lk
සිංහල | English

06 May 2024

ඉරාන ජනාධිපති අද දිවයිනට



ඉරාන ජනාධිපති ඊබ්‍රයිම් රයිසි මහතා අද (24) උදෑසන මත්තල ගුවන්තොටුපලින් මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වීම සඳහායි.

උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමෙන් පසු ඉරාන ජනපති පිළිගැනීමේ නිල උත්සවය අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.

දෙරටේ ජනාධිපතිවරුන්ගේ විශේෂ ප්‍රකාශයක් සහ දෙරට අතර අවබෝධතා ගිවිසුම් පහකට අත්සන් තැබීමට ද නියමිත බවයි සඳහන් වන්නේ.
(colombotimes.lk)