18 September 2025

logo

ඉරාන විදේශ ඇමති දිවයිනට



ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දොල්ලාහියන් මහතා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

ඔහු ඇතුළු 20 දෙනෙකුගෙන් පමණ සමන්විත දූත පිරිස ඊයේ (19) රාත්‍රී දිවයිනට පැමිණි බවයි වාර්තා වන්නේ.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාගේ ආරාධනයක් මත දිවයිනට පැමිණි ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා ලබන 21 වනදා දක්වා මෙරට රැඳීසිටීමට නියමිතයි.

සිය සංචාරයේ දී ඔහු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ මෙන්ම විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළා.
(colombotimes.lk)