දුර ගමන් සේවා සඳහා යොදවා ඇති ලංගම සහ පෞද්ගලික බස් පරීක්ෂා කිරීම පොලීසිය විසින් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව හැටන් සිට දුර ගමන් සේවා සඳහා යොදවා ඇති බස් රථ ගිනිගත්හේන පොලීසිය මඟින් හදිසි පරීක්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී මගීන්ට අනතුරුදායක ලෙස අඩුපාඩු සහිතව ධාවනයේ යෙදුණු ලංගම බස් රථ 05ක සහ පෞද්ගලික බස් රථ 06ක රියදුරන් 11දෙනෙක්ට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබෙනවා.
එමෙන්ම තවත් බස් රථ කිහිපයක රියදුරන්ට එම අඩුපාඩු නිවැරදි කර ගැනීමට උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
රථයේ රියදුරන් විසින් සිදු කරන මාර්ග නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කරන ලෙසට එහිදී පොලිස් නිලධාරීන් බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් ඉල්ලා තිබෙනවා.
(colombotimes.lk)
