16 May 2025


හිටපු අමාත්‍යවරයෙක්ට එරෙහිව අල්ලස් කොමිසම නඩු දමයි



හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු දෙදෙනෙක්ට අල්ලස් කොමිසම විසින් නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා.

ඒ 2014 වසරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන පදවි ප්‍රාප්ති සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත්වල දැන්වීම් පළ කිරීම හරහා රජයට රුපියල් ලක්ෂ 17කට අධික පාඩුවක් සිදු කළ බව කියන සිද්ද්ධියක් සම්බන්ධයෙන්.

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙනවා.

මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබෙන චෝදනා සංඛ්‍යාව 5ක් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එහි සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයන් 15දෙනෙක් නම් කර තිබෙනවා.

 
(colombotimes.lk)