26 December 2024


යාපනය - කොළඹ ප්‍රධාන මාර්ගය පුත්තලමෙන් අවහිර වෙයි



යාපනය - කොළඹ ප්‍රධාන මාර්ගය පුත්තලම, තිරම්බි අඩිය, 2 කණුව ප්‍රදේශයට අද (27) උදෑසන විශාල ගසක් කඩා වැටී තිබෙනවා.

ඒ හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙලෙස කඩා වැටුණු ගස කපා ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළා.    


(colombotimes.lk)