ජම්පටා වීදිය හදිසියේ කැළඹෙයි



වෙරළබඩ පොලිස් වසමට අයත් ජම්පටා වීදිය ප්‍රදේශය ආවරණය වන පරිදි සිදුකළ ක්ෂණික විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 34ක් ඇතුළු පුද්ගලයින් 49 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වෙරළබඩ පොලීසිය පවසනවා.

හෙරොයින්, අයිස් හා ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් පුද්ගලයින් 13ක් මෙන්ම වරෙන්තුකරුවන් දෙදෙනෙක් ද ඒ අතර වන බවයි සඳහන් වන්නේ.

යුක්තිය මෙහෙයුමට සමගාමීව අපරාධ වැළැක්වීමේ විශේෂ රාජකාරී යටතේ කොච්චිකඩේ පල්ලිය අසලින් සහ ජම්පටා වීදිය බෝධිය අසලින් මාර්ගය වසා පැය 2කට ආසන්න කාලයක් සිදුකළ මෙහෙයුමේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කරනවා.
(colombotimes.lk)